පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබෙනවා.
අදාළ නඩුව නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සුජීව නිශ්ශංක යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුකරයට අදාළව විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කැඳවීමට නියම කළ අතර, අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.