ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය සොයාගැනේ

වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී ඊයේ (05) ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ කුඩා දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් විසින් එම දරුවා සෙවීමේ මෙහෙයුම් දියත් කෙරූ අතර, නාගස්තැන්න සයිබන් එක අසලදීයි දරුවාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ.

මියගිය දරුවා වයස අවුරුදු 08ක් වූ අසේලපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැලිකන්ද පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.