විජේරාමෙට වඩා මැදමුලන හොඳයි – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, තමන්ට තිබූ වරප්‍රසාදය වන්නේ ජනතාව දුන් වරප්‍රසාදය බවත්, ඊට වඩා ලොකු දෙයක් තමන්ට නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එය තිබෙනතාක් කල් ඕනෑම වරප්‍රසාදයක් ඉවත් කළාට තමන්ට ගැටලුවක් නොමැති බවත්, ආණ්ඩුව මේවා සිදු කරන්නේ පළිගැනීමේ අරමුණින් බවත් ඔහු සඳහන් කළා.

විජේරාමයේ නිල නිවසට වඩා තමන්ට මැදමුලන නිවස වඩා හොඳ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.