හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්රා පෙරේරාගෙන්ද ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයක් සටහන් කර ගෙන තිබුණා.