මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා.
ඊයේ රාත්‍රියේ පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කළ අතර එහිදී මගුල් ඇතු වශයෙන් දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ඉන්දිරාජා හස්තියාටයි.
මේ අද රාත්‍රියේ ආරම්භ කෙරෙන දෙවන රන්දෝලි පෙරහැර සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන හිරු වාර්තාකරු හේරත් බණ්ඩාර ඒකනායක.
මේ අතර පොලිසිය නිවේදනය කළේ මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් මේ දිනවල ක්‍රියාත්මක බවයි.
ඒ අනුව මාතලේ – කුරුණෑගල මාර්ග ඔස්සේ පැමිණෙන රථ වාහන මහයියාව සුසාන භූමිය මාර්ගය ඔස්සේ අස්ගිරිය මාර්ගයට පැමිණ පොලිසිය අසලින් තමන්ගේ ගමන් මාර්ගවලට පිවිසිය හැකි බව පොලිසිය නිවේදනය කළා.
එමෙන්ම, මහනුවර සිට මහියංගණය සහ අම්පිටිය ප්‍රදේශ වෙත ගමන් කරන වාහන මධ්‍යම වෙළඳපොළ අසළින් පල්ලිය පාර ඔස්සේ හෝ බෝගම්බර ක්‍රීඩා පිටිය අසලින් වැව රවුම මාර්ගය ඔස්සේ ගමන් කළ හැකියි