සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.