කිළිනොච්චියේ සිට වවුනියාවට බස් රථයකින් ප්‍රවාහනය කළ නීති විරෝධී ගවමස් කිලෝ ග්‍රෑම් 560ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු වවුනියාව නගරසභාව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිළිනොච්චියේ සිට බස් රථයකින් රැගෙන එන ලද එම නීති විරෝධී ගවමස් තොගය මහපාර අයිනේ ගොඩගසා ත්‍රී රෝද රථ තුනකින් වවුනියාව නගරය වෙත ප්‍රවාහනය කිරීමට යාමේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නෙ.
සිද්ධිය සම්බන්ධයෙන් මහජනතාවගෙන් වවුනියාව නගර සභාවේ නගරාධිපතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව, නගරාධිපති සුන්දරලිංගම් කාන්දිපන්ගේ නියෝගය පරිදි එම ස්ථානයට ගිය නියෝජ්‍ය නගරාධිපති පී. කාර්තිපන්, මන්ත්‍රී අරුණන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ මස් අත්අඩංගුවට ගෙන සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය වෙත බාර දී තිබෙනවා.
වවුනියාවේ විශාලතම ගවමස් වෙළදසැල ඉතා අපිරිසිදු ලෙස පවත්වා ගෙන යාම නිසා නගර සභා නිලධාරීන් එම ගවමස් වෙළදසැලට සීල් තබා වසා දමා තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ නිසා මේ දිනවල වවුනියාවේ ගවමස් වලට ඉතා ඉහල ඉල්ලුමක් ඇති බැවින් සංවිධනාත්මක පිරිසක් විසින් කිළිනොච්චියේ සිට වවුනියාවට මෙම නීති විරෝධී ගව මස් තොගය රැගෙන ආ බවට තොරතුරු ලැබී තිබෙනවා.