නීති විරෝධීව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 11 දෙනෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඊයේ (04) පස්වරුවේ ලද තොරතුරකට අනුව ඔවුන් අකුරේගොඩ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් අට දෙනෙකු සිටින බවත්, ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක තුනක් සහ ජංගම දුරකථන අටක් සොයාගෙන ඇති බවත් සඳහන්.