නව සීමා නිර්ණ කමිටුවක් පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල නිර්දේශ සමාලෝචනය කිරීමට සහ වැඩිදුර නිර්දේශ ලබා දීමට නව සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012 වසරේදී සීමා නිර්ණ කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුවේ ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම කමිටු වාර්තාවේ නිර්දේශ අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කර එම කමිටුවල නිර්දේශ ලබා ගැනීමටත්, එකී නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා නව සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමටත් මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images