ආනයනික වාහන ගැටලුව විසදන්න මැදිහත් වන්න ආනයනකරුවන් ජනපතිගෙන් ඉල්ලයි

ආනයනික වාහන 500ක් රේගුවේ සිරවීමේ ගැටලුව විසදීම සදහා මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි උප සභාපති අරෝෂ රොද්‍රිගෝ කියා සිටියේ මෙම වාහන හම්බන්තොට වරායේ රදවාගෙන සිටීම හේතුවෙන් චීනයට මුදල් ගෙවීමට ආනයනකරුවන්ට සිදුව ඇති බවයි