අවුරුදු 18ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කෙරේ

වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.

දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් හා ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් වයස අවුරුදු 18ට අඩු ළමුන්ට ප්‍රවේශ පත්‍ර රහිතව නැරඹීමේ අවස්ථාව ලබා දීමට නියමිත බවයි සඳහන් වන්නේ.