කළුතර ජල සම්පාදන ක්රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (05) දිනයේ පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දුව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.