සෙව­ණ­ගල සහ පැල්වත්ත ආරක්ෂා කර ගැනී­මට එක­මු­තුව වැඩ කරන්න

ලංකා සීනි සමා­ග­මට අයත් සෙව­ණ­ගල සහ පැල්වත්ත කර්මාන්ත ණය බරින් මිරි­කිලා. වහාම රජය මැදි­හත්වී එම අර්බු­ද­යෙන් ආය­තන ගොඩ­ගෙන සේව­ක­යන්ගේ සහ ගොවීන්ගේ අනා­ගත සුර­ක්ෂිත කළ යුතු­යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

විපක්ෂ නාය­ක­ව­රයා එසේ පැව­සුවේ ඉකුත්දා (02)බුත්තල ශ්‍රී චන්ද්‍ර මදු­රා­රා­මයේ පැවති උක් ගොවීන්ගේ සහ සේව­ක­යන්ගේ හමු­වක් අම­ත­මිනි. එහිදී විපක්ෂ නාය­ක­ව­රයා මෙසේද පැව­සීය.

‘‘පැල්වත්ත සහ සෙව­ණ­ගල ගොවීන්ට උක්ග­ස්ව­ලට ගෙවිය යුතු මුදල් සහ උක් ගස් ප්‍රවා­හ­නය කරන ලොරි රථ­ව­ලට ගෙවිය යුතු මුදල් මාස ගණ­න­කින් ගෙවා නැහැ. උක්ගස් භාර ගැනීම සීමා කරලා.මේ තත්ත්වය මත සෙව­ණ­ගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වැසී යෑමේ තත්ත්ව­ය­කට පත් වෙලා. අප කිසි­සේත් මේ ආය­තන දෙක වැසී යන තෙක් බලා සිටින්නේ නෑ. මේ ආය­තන සුරැ­කී­මට පිය­වර ගන්නා ලෙස රජ­යට සහ විෂය භාර ඇමැ­ති­ව­ර­යාට අපි බල කර සිටි­නවා. ජේ.ආර්. ජය­ව­ර්ධන රජය යටතේ ආරම්භ කළ මේ කර්මාන්ත ශාලා­ව­ලින් දහස් සංඛ්‍යාත පවුල් ජීවත් වෙනවා. හය දහ­ස­කට අධික පිරි­සක් මෙහි සේවය කර­නවා. ඊට අම­ත­රව විශාල පිරි­සක් කම්ක­රු­වන් ලෙස සේවය කර­නවා.

පැල්වත්ත සහ සෙව­ණ­ගල සීනි ආය­ත­න­වල ණය බර ගෙවා ඒවා ගොඩ ගැනී­මට පිය­වර ගන්න. ගොවීන්ට සහ සේව­ක­යන් කිසිම අය­කුට අසා­ධා­ර­ණ­යක් වීමට අපි ඉඩ තියන්නේ නැහැ. කිසිම හේතු­වක් නිසා ආය­තන වසා දැමු­වොත් ඊට එරෙ­හිව පෙර­මුණ ගන්නවා. ගොවීන් සහ සේව­ක­යන්ගේ යුතු­කම ආය­ත­නය ආරක්ෂා කර ගැනී­මට ක්‍රියා කිරී­මයි. ඒ සඳහා එක­මු­තුව වැඩ කරන්න යැයි කීවේය.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණ­ති­ලක