මෙරට පිහිටි ප්‍රසිද්ධ ටයිල් සමාගමක් විසින් රුපියල් කෝටි 15කට ආසන්න ණය මුදලක් ලබාගත් ආකාරයට ණය මුදලක් අනුමත කර එම ණය මුදල වෙනත් බැංකු ගිණුමකට බැරකරමින් සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් පෞද්ගලික බැංකුවක පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කොල්ලුපිටියේ පිහිටි බැංකු ශාඛාව තුළ මෙම වංචාව සිදුව ඇති අතර එම වංචාවේ ප්‍රමාණය රුපියල් 148,842,839.56ක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අදාළ ටයිල් සමාගම විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වැනිදාය.
අදාළ බැංකුවේ ගනු-දෙනුකාර සමාගමක් වන ටයිල් සමාගම විසින් මෙම ණය මුදල ලබාගත් බවට ව්‍යාජ ලේඛන සකස් කරමින් වංචාව සිදුකර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් බැංකුවේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන්නෙකි. මේ ආකාරයේ තවත් වංචා බැංකුව තුළ සිදුව තිබේදැයි සොයා අදාළ බැංකුව විසින් අභ්‍යන්තර විගණනයක්ද ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ගයාන් කුමාර වීරසිංහ