Starlink උපාංග මෙරට බෙදා හැරීමේ අයිතිය සිංගර්ට

මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කළ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල සේවාවට අදාළ උපාංග සඳහා මෙරට නිල බෙදාහරින්නා වශයෙන් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී පත් කර ඇති බව වාර්තා වනවා.

සිංගර් (ශ්‍රී ලංකා) හි නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව ඉඟි පළකරමින් සටහනක් තිබෙනවා.

මේ අතර Starlink Sri Lanka Official ෆේස්බුක් පිටුව විසින් මේ බව තහවුරු කරමින් පෝස්

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී යනු හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමක්.

සිංගර් (ශ්‍රී ලංකා) හි 67.13%ක කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්ස් සතුවන අතර, හේලීස් හි 51.01%ක කොටස් හිමිකාරීත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා සතුව පවතිනවා.

ස්ටාර්ලින්ක් යනු අධිවේගී අන්තර්ජාල පද්ධතියක් වන අතර එය ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමට සමත් චන්ද්‍රිකා දහස් සංඛ්‍යාවකින් සැදුම්ලත් පද්ධතියක්.