පොලිසිය ත්‍රිවිධ හමුදාව එක්ව සිදුකරන විශේෂ මෙහෙයුමේදී ඊයේ (03) වැනිදා පුද්ගලයන් 25,870ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී මෝටර් රථ 10,423ක් සහ යතුරුපැදි 7846ක්ද පරීක්ෂාවට ලක් කෙරුණා.
එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 968 දෙනෙකු සහ අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 23 දෙනෙකු සමග වරෙන්තකරුවන් 371 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන්.
මෙහෙයුම තුළදී දේශිය නිශ්පාදිත නීති විරෝධී ගිනි අවි 03ක්ද අත්අඩංගුවට තිබෙනවා.
මේ අතර බීමත් රියදුරන් 110ක් සහ අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදිවලට අදාළව පුද්ගලයන් 3,202ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර ශ්‍රී ලංකා පොලීසියේ වයඹ පළාත් අපරාද කොට්ඨාසය විවෘත කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ කුරුණෑගලදී සිදු කළා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ්‍රී ලංකා පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් සෝදිසි මෙහෙයුම දෛනිකව ක්‍රියාත්මකයි.