පැය 6කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු CIDයෙන් පිටව ගිය හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

ඒ එම දෙපාර්තමේන්තුව හමුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

ඇය අද (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් සිදු කරනු ලැබූ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ඇය අද පෙරවරු  9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ය.

2023 සැප්තැම්බර් මස 13 වැනිදා සහ 2023 සැප්තැම්බර් 24 දක්වා කාලය තුළ සිදුකර ඇති විදේශ සංචාරයකට අදාළව එම විමර්ශනය සිදුවන බව සඳහන්.

මේ අතර, එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද හෙට (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.