සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය හෙට (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට (05) සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.