දුම්රිය වැසිකිළියකින් හමුවූ බිළිඳු මළ සිරුර ගැන වාර්තාවක් කැඳවීමට පියවර

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියේ තිබී සොයාගත් බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රදේශය භාර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

මේ වන විට එම බිළිඳු මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවත්, පුත්තලමේ සිට කොටුව දක්වා ඇති සියලු දුම්රිය ස්ථානවල CCTV දර්ශන ඉල්ලුම් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබූ පුත්තලම සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියක වැසිකිළියක තිබී පිරිසිදු කිරීමේ සේවකයන්ට බිළිඳු මළ සිරුරක් හමු වී තිබුණා.