දයාසිරි පළාත් සභා සටනට උර දෙයි

පළාත් සභා යළි පිහිටුවනු-පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු.තේමාව යටතේ
විශේෂ මාධ්‍ය හමුවක් අද (04දා) කොළඹදී පැවැත්විණි.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (හිටපු වයඹ මහ ඇමති), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ (දකුණු පළාත් හිටපු විපක්ෂ නායක) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක සහ සමාජ ක්‍රියාකාරික නදීෂ ද සිල්වා මහත්වරුන්ගේ සහභාගි විණ.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා-
අපි විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් අරගෙන යනවා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවල අර 1993 අපි හැදුවා වගේ පළාත් සභා අපේ අතට අපි ගන්නවා.
ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවාගඅපිට පුළුවන් වෙයි ඒකාබද්ධව ඒ වැඩ කටයුතු ටික කරන්නගආණ්ඩුව අපි පරාජයට පත් කරනවා මේ පළාත් සභා මැතිවරණය තමා ආණ්ඩුවේ පරාජයේ ආරම්භය.
ඒ නිසා පුළුවන් නම් තියන්න පළාත් සභා ටික අපි වයඹ බලා ගන්නම්ගඒකට අපි අවශ්‍ය කරන ශක්තිය දෙන්න සූදානම්ගආණ්ඩුවට පළාත් සභා බලය දෙන්න අපි සූදානම් නෑ.
මේ රටේ ජනතාවත් බලය දෙන්න සූදානම් නෑගඅපි අභියෝගයක් කරන්න සූදානම් මේ වෙලාවේ පුලුවන්නම් පළාත් සභා තියන්නගමේ වෙලාවේ මේගොල්ලෝ ඔක්කොම අත්හදා බලමින් යන්නේ.
ජනාධිපති කියනවා වගේ පාර්ලිමේන්තුවත් අත්හදා බලනවා. වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ගමන් වැඩ කරනවා. විපක්ෂයේ ඉන්නවා වැඩ කරපු මිනිස්සු.