ආරම්භ කර විනාඩි 10 කින් කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක්

අද (04) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී විනාඩි 10 ක් වැනි කාලයක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 20,000 සීමාව ඉක්මවා තිබෙනවා.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවා ගියේ පළමු අවස්ථාවට බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාව වන විට රුපියල් මිලියන 432 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා කර තිබෙනවා