මට නඩු දැම්මේ රනිල්-මෛත්‍රී

තමන්ට ඇති නඩු­ව­ලින් සිය­යට සිය­යක් දමා ඇත්තේ, මෛත්‍රී­පාල සිරි­සේන, රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ව­රුන් නාය­ක­ත්වය දුන් යහ­පා­ලන ආණ්ඩු­වෙන් බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැවැ­සීය. පක්ෂ මූල­ස්ථා­නයේ පැවැති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා පෙරේදා (02) මේ බව සඳ­හන් කළේය.

එහෙත් තමන් ඒ කිසි­ව­කුට වෛර නොක­රන බවත් දේශ­පා­ලන නඩු­ව­ලට දේශ­පා­ල­නි­කව මුහුණ දෙන බවත් හෙතෙම කීවේය.

“අපි මේ රටේ පුර­වැ­සි­යන් විදි­යට ඕනෑම කෙනෙක් ඇසුරු කර­නවා. දේශ­පා­ල­නික වශ­යෙන් විරුද්ධ මත තිබෙන්න පුළු­වන්. අපිව හිරේ දාන්න කට­යුතු කරන අය වෙන්න පුළු­වන්. අපි ඒ අයට වෛර කර­න්නෙත් නැහැ. එහෙම කරා­නම් රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්මය එක්ක ආණ්ඩු­වක් හදන්න වෙන්නෙත් නැහැ. සිරි­සේන ජනා­ධි­ප­ති­ව­රයා එක්ක දේශ­පා­ල­නය කරන්න වෙන්නෙත් නැහැ. හිතේ කහ­ටක් නැහැ. දේශ­පා­ල­නි­කව අපි ඒවට මුහුණ දෙනවා. දේශ­පා­ල­නික නඩු­ව­ලට දේශ­පා­ල­නි­කව මුහුණ දෙනව මිසක් ඒවට වෛරෙන් මුහුණ දීල හරි යන්නේ නැහැ. නමුත් ඇතැම් දේශ­පා­ලන පක්ෂ­වල නායක නායි­කා­වන්ට අනිත් අය එක්ක කතා කිරීමේ ප්‍රශ්න­යක් තිබෙ­නවා. අපිට එහෙම නැහැ.” යැයිද කීවේය.

නුවන් කොඩි­කාර