මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසනවා.
ඒ අනුව, එම අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස් කරමින් පවතින බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ.
පසුගිය වසර 10 – 15 ක කාළයේදී වෙරළ කලාප තුළ විශාල වශයෙන් අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත්. ඉන් සමහර ඒවා කඩා දමන බවත්, ඇතැම් ඒවා වාර්ෂිකව ඉතා ඉහළ දඩයකට යටත් කරන බවත් ඔහු සඳහන් කර සිටියා.
වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල පවතින අවිධිමත්භාවය, විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බවයි වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර වැඩිදුරටත් පවසා සිටියේ.