ආගමන සහ විගමන පනතේ දුර්වලතා නිසා ඊශ්‍රායලය, ඉන්දියාව සහ රුසියාව වැනි රටවල විදේශිකයන් මෙරට නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් රැකියා සහ ව්‍යාපාර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වනවා.
මෙරට සංචාරක අංශයේ බලධාරීන් රටවල් 40ක ජාතිකයන්ට රට තුළට නොමිලේ පැමිණීමට වීසා බලපත්‍ර ප්‍රවේශය දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙන බව පැවසෙනවා.
එම පහසුකම දැනටමත් දීර්ඝ කර ඇති රටවල් කිහිපයකට අමතරවයි.
අනාගතයේදී කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන 5 දක්වා වැඩි කිරීම එහි සැලසුමයි.
එහි එක් අදියරක් ලෙස සංචාරකයින් මිලියන තුනක් මෙරටට ගෙන්වා ගැනීමයි අපේක්ෂා වන්නේ.
මේ අතර කුඩා නවාතැන්පොලවල් පවත්වාගෙන යාම, කුලී රථ රියදුරන් ලෙස සේවය කිරීම සහ ඔවුන්ගේම භාෂාවලින් තම ජාතිකයින්ට සංචාරක මාර්ගෝපදේශක සේවා සැපයීම වැනි ව්‍යාපාරික කටයුතුවල නියැලීමටත් මේ හේතුවෙන් ඔවුන්ට අවස්තාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
නැගෙනහිර පළාතේ අරුගම්බේ එවැනි ව්‍යාපාරික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඊශ්‍රායල ජාතිකයන් ඔවුන් අතර කැපී පෙනෙනවා.
ඊශ්‍රායල විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානවල, ඊශ්‍රායල ජාතිකයින්ගේ ප්‍රයෝජනය සඳහා හෙබ්‍රෙව් භාෂාවෙන් සංඥා පුවරු සවි කර තිබෙනවා.
යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයක් වන චබාද් නිවසක් ද එම ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.
මෑතකදී, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට ඊශ්‍රායල ජාතිකයන් සම්බන්ධවීම විවේචනය කරන විදේශීය ජාතිකයෙකු සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
මේ සම්බන්ධයෙන් විමසීමේදී එවැනි ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා සංචාරක බලධාරීන්ට කළ හැකි කිසිවක් නොමැති බව අමාත්‍යාංශ නිලධාරියෙකු පවසා තිබුණා.
මේ අනූව ආගමන විගමන බලධාරීන් වීසා ලබා දීමේදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසා තිබුණේ.
කොළඹදී, විදේශිකයන් සංචාරකයින් ලෙස පැමිණා සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන බව පැවසෙනවා.
මේ අතර ඉන්දියාවේ සංචාරකයින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සහ ඉදිකිරීම් අංශවල සේවය කරන බව සොයාගෙන තිබෙනවා.
ඇතැම් විදේශික සංචාරකයින් මෙරට ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ.
පොලිසිය හෝ ආගමන බලධාරීන් විසින් කරන වැටලීම්වලදී නීත්‍යානුකූල හිමිකරුවන් ලෙස දේශීය හවුල්කරුවන් පෙන්වා ඇති බව පැවසෙනවා.
මෙම විදේශිකයන්, ඔවුන්ගේ දේශීය හවුල්කරුවන් සමඟ එසේ සහයෝගයෙන් කටයුතු කරන බවද වාර්තා වී තිබෙනවා.