වල්අලි පහරදීමකින් 08 හැවිරිදි දැරියක් මරුට

හම්බන්තොට නාගරවැව සීනුක්කුගල ප්‍ර දේශයේ දි (03) උදේ සිදු වූ වල්අලි පහරදීමකින් අට හැවිරිදි දැරියක් මියගොස් තිබ්බෙනවා.

පහරදීමෙන් දැරියගෙ පියා තුවාල ලබා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසනවා.

සිනුක්කුගල ප්‍ර දේශයේ කුඩා නිවසක ජීවත් වූ මෙම පවුලේ පියා අසල ලඳු කැලයට ගිය අවස්ථාවේ දි වල්අලියෙක් පැමිණීමත් සමඟ යලි නිවස දෙසට කෑගසා පැමිනෙන තිබෙනවා.

දියණිය ඒ දෙසට ගොස් සිටිය දී දෙදෙනාටම වල් අලියා පහර දි ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙලි වි ඇතැයි පොලිසිය පවසනවා.

වල්අලියා පහරදීමෙන් තුවාල ලත් පියා සහ දියණිය හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව දියනිය ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

පියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙලෙස වල් අලියා පහරදීමෙන් මිය ගොස් ඇත්තේ සිනුක්කුලගල පදිංචි හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ 2 වසරේ ඉගනුම ලබන ජි.එච් තිනුලි දැරිය බවයි තොරතුරු වාර්තා වන්නේ.

‍වල් අලි පහරදිමට ලක් වු මෙම ප්‍රදේශ අලි කළමණාකරණ රක්ෂිත කලාපයට අයත් කොටසක් වන අතර මහවැලි බල ප්‍රදේශයට අයත්.

මෙම ප්‍රදේශයේ අනවසර වගාකරුවන් වගාබිම් කරගෙන සිටින අතර රක්ෂිත කලාපයේ කිලෝමීටර් කාලක් තරම් ඇතුලේ වන හෙයින් කිසිදු වන්දි මුදලක් ගෙවිමට තරම් නිතිමය හැකියාවක් නැති බව දකුණු කලාපයභාර සහකාර වනජීවී අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා පවසනවා.

මෙලෙස අනවසර වගා කරුවන් විශාල ප්‍රමානයක් වල්අලි කළමණාකරණ රක්ෂිතය තුළ වගාවන් කරගෙන ජිවත් විම මත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයනට ගොදුර වීම සිදුවන බවද වනජීවි සහකාර අධ්‍යක්ෂවරයෙකු පවසනවා.