ලබන අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ජුනි 30 වනදායින් පසුව, එනම් අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන සියලුම දෙනාට දඩ මුදලක් නියම කරන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
එම නිසා, අදාළ නිලධාරීන් නියමිත කාල සීමාව තුළ තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්‍ය බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
එසේ නොවන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අල්ලස් කොමිසම අවධාරණය කරනු ලැබුවේ.