ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

නුවරඑලියේ අද (03) පැවති මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබා ගැනීම පිළිබදව සාකච්ඡාවට බදුන් වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ප්‍රකාශ කර ඇත්තේ නිවාස ව්‍යාපෘති හැකි ඉක්මනින් නිම කිරීමට සහ තවත් අතිරේක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට උත්සාහ කරන බවයි.