මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරු රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී-56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.