ඓතිහාසික මහනුවර, සෙංකඩගල, ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතයි.
ඊයේ පැවති සිව්වන කුඹල් පෙරහැරේදී කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළා.
මේ අනූව පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වනවා.
ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අගෝස්තු 08 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
අනතුරුව අගෝස්තු 09 වැනිදා දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වනවා.