බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙර දිසානායකගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි මත කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ධුරයෙන් ඉවත් කළ බවයි.
එම තනතුර සඳහා හිටපු අතිරේක කොමසාරිස්වරයෙකු වන කසුන් වැල්ලහේවා මහතා පත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා