බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බව පොලීසිය සඳහන් කළේය.
අදාල බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර ඇති අතර එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් සහිත කෑන් එකක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගෙන ඇත.
පොලිසිය සැකපල කරන්නේ මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවේ වතුර බොන මුවාවෙන් මෙලෙස මත්පැන් පානය කර ඇති බවය.
කෙසේ වෙතත් වෙනත් රියදුරෙකු කැදවා බස් රථයේ සිටින මගීන්ව ගමනාන්තය දක්වා රැගෙන යන ලෙසට නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් බස් රථයේ කොන්දොස්තරවරයාට උපදෙස් ලබා දී තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.