දේශබන්දු ඉවත් කිරීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ද සාකච්ඡා කර තිබුණා.

දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණේ කථානායකවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ කමිටුවේ වාර්තාව සභාගත කිරීමත් සමගයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා.

චෝදනා 23ක් යටතේ දින 13ක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කමිටුව සාක්ෂි විමසා තිබුණා.