කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 220ක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ (අගෝස්තු 02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 112ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.