හුංගම වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අම්බලන්තොට හුංගම පොලිස් වසමේ පිට්ටනියාය, පිංගම ප්‍රදේශයේ අද (02) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබීම සිදු කළ සැකකාර පුද්ගලයා හුංගම පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇති අතර හුංගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි අයෙකි.

මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු කර ඇති අතර බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක අයෙකි.