මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේදී සැක 488ක් ඊයේ අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී ඊයේ (01) දින තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පමණක් පුද්ගලයන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර හෙරොයින් සම්බන්ධ 161ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 161 දෙනෙකුද ඇතුළත්.
2025 ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු පළමුවැනිදා දක්වා කාලය තුළදී හෙරොයින් කිලෝ 930.125ක් සමග සැකකරුවන් 37,251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාල සීමාවේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,398.499ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන්.

ඒ අනූව එම කාලය තුළදී පුද්ගලයන් 45,111ක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කාලය තුළදී ගංජා සම්බන්ධ වැරදිවලට පුද්ගලයන් 40,404ක් අත්අඩංගුවට ගෙන ඇතේ ගංජා කිලෝ 11,438ක් සමගයි.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව දෛනිකව සිදුකරනවා.

මේ අයුරින් අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් මෙන්ම රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තව දුරටත් ක්‍රියාත්මකයි.
රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ සෘජු අධීක්ෂණය මත වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි.