ලෝක වෙළෙඳපොළේ බොරතෙල් තවදුරටත් පහළ යමින් පවතිනවා.
අද අලුයම වන විට ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.33ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.79ක අඩුවීමක්.
බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.67ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.83ක පහළ යාමක්.
ගෙවුණු සතියේ බොරතෙල් මිල ඩොලර් 67 සහ 69 අතර තරමක ස්ථාවර වීමක් පෙන්නුම් කළා.