ඇඟලුම් කම්හල් සේවකයින් ප්රවාහනය කළ බස් රථයක් කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්රදේශයේදී පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණ බව පොලිසිය සදහන් කළේය.
බස් රථයේ 37 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර අනතුරෙන් තුවාල ලැබූ 23 දෙනෙකු ප්රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.