මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන මැදිරියේ වැසිකිළියකින් වයස දින තුනක් පමණ වන බිළිඳියකගේ මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබේ.
පුත්තලමේ සිට අද උදෑසන ගල්කිස්ස බලා පැමිණි අංක 8346 දරණ දුම්රිය, ගමන නිමාකිරීමෙන් පසු මාලිගාවත්ත දුම්රිය අංගණයේ ගාල්කර ඇත.
එහිදී දුම්රිය පිරිසිදු කිරීමට එක්වූ සේවයන් පිරිසකට දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක් දෙසින් දැඩි දුර්ගන්ධයක් පැමිණ ඇති අතර ඒ අනුව කළ පරික්ෂාවේදී කුඩා බිළිඳියක් මල්ලක දමා වැසිකිළියේ අතැර ගොස් තිබූ අයුරු දැක තිබේ.
මෙම සේවකයන් වහාම දෙමටගොඩ පොලිසිය දැනුම්වත් කළ අතර ඒ අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
බිළිඳියගේ සිරුරේ පෙකණි වැලේ කොටසක් ද ඇති බව පොලිසිය නිරීක්ෂණය කර තිබුණි.
පොලිසිය සැක පළ කරනුයේ මෙය රෝහලකදී සිදුවූ දරු උපතක් ද නොවන බවයි.
දරුවා බහා තිබූ මල්ල විනිවිද පෙනෙන එකක් වූ අතර එය තීරු බදු රහිත හෙවත් DUTY FREE වෙළෙඳසැලකින් ලබාගත් බෑගයක් බවට හඳුනාගෙන තිබේ.
එහි තිබූ QR කේතයක් ස්කෑන්කර බැලීමේදී එය ඩුබායි රාජ්‍යයට අයත් DUTY FREE බෑගයක් බව තහවුරු කරගත් බව පොලිසිය පැවසුවේය.
දරුවාගේ මෘත දේහය සහ දුම්රිය මැදිරිය පරීක්ෂාව සඳහා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට අද පස්වරුවේ පැමිණියේය.
අනතුරුව මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර රැගෙන යනු ලැබුවේය