වලංගු වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයෙක් මත්ද්‍රව්‍ය සමග කොටු වෙයි

බම්බලපිටිය සෙන් පීටර්ස් පටුමග ප්‍රදේශයේදී ඊයේ (01) වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 410 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 37ක් වන විදේශ ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.
මෙහිදී සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී ඔහුට වලංගු වීසා බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.