ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝ: 6 මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම්

අගෝස්තු 10 පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අගෝස්තු 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය නිම වනතුරු විභාගයට අදාල උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු සියල්ල තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.