ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුවන්නේ නෑ – ලාෆ්ස් ගෑස් සමාගම

අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ, ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

ඒ අනුව, වෙළඳපොළ තුළ පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.