අභියාචනාධිකරණය සඳහා මෑතකදී පත් කෙරුණු විනිසුරුවරු තුන්දෙනෙකු පිළිගැනීමේ චාරිත්‍ර අනුකූල නිල උත්සවය අද පැවැත්වුණා.
මෙම උත්සවය පැවතුනේ අභියාචනාධිකරණ සංකීර්ණයේදීයි.
මෑතකදී අභියාචනාධිකරණයට පත්වීම් ලැබූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, ආදිත්‍ය පටබැඳිගේ සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරුවරු පිළිගැනීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා අභියාචනාධිකරණයේ සියලු විනිසුරුවරු, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරු සහභාගි වුණා.