“Ella Weekend Express” සුඛෝපභෝගී දුම්රිය සේවය අගෝස්තු 16 සිට

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 16 වන දින සිට ‘ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්’ (Ella Weekend Express) නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නව සේවාව කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉල්ලීම මත මෙම දුම්රිය සේවාව හඳුන්වා දී ඇති අතර, එහි අරමුණ වන්නේ සුන්දර කඳුකර ප්‍රදේශවලට සුවපහසු සහ දර්ශනීය සංචාරක අත්දැකීමක් ලබාදීමයි.

ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 5:30ට කොළඹ කොටුවෙන් පිටත් වී, එදිනම පස්වරුව වන විට බදුල්ලට ළඟා වීමට නියමිතයි.

නැවත කොළඹ බලා පැමිණීම සඳහා මෙම දුම්රිය සෑම ඉරිදා දිනකම රාත්‍රී 9:00ට බදුල්ලෙන් පිටත් වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.