පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවට ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම හේතුවෙන්.
ඒ අනුව පිරිමි සහ කාන්තා කාණ්ඩවල කණ්ඩායම් හය බැගින් තීරණය කරනු ලබන්නේ එක් එක් මහාද්වීපයෙන් ඉහළම ශ්‍රේණිගත කිරීම් ලබා ගන්නා කණ්ඩායම් මත පදනම්ව බවයි ක්‍රීඩා වාර්තා සඳහන් කළේ.
වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව බෙහෝදුරට ආසියානු කලාපයෙන් ඉන්දියාවත්, යුරෝපයෙන්, එංගලන්තයත්, ඇමරිකානු කලාපයෙන් ඇමරිකාව හෝ කැරිබියන් දූපත් කණ්ඩායමක් මේ සඳහා සුදුසුකම් ලබනු ඇති. 2028 මීළඟ ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කෙරුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලෙන් පසුවයි.