පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩිට ඇප නියම කිරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණය අද (01) නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ පුත්රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව මතයි ඔහු පසුගිය 24 වැනිදා පොලිසියට භාර වූ අතර, අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝසමක් මගින් ඇප ලබා ලබාගත් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතානගේ පුත් රසික බුද්ධික විතානද අද දින මතුගම මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටියා.
එහිදී රෝහිත අභයගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩිට ලක්ෂ විස්සක ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැරුණා.