මහින්ද – මෛත්‍රී චන්ද්‍රිකාගේ උළෙලට නාවේ ඇයි?

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 80 වැනි ජන්ම දින උළෙලට හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පැමිණ නොසිටීම ගැන එහි සිටි බොහෝදෙනා කුතුහලයෙන් පසුවුණා.

එමෙන්ම රාජපක්ෂ පවුලට ගෑවුණු කිසිවකුත් එහි දක්නට නොලැබීමත් විශේෂතවයක්.

“මේකට මම ආරාධනා කළේ මං කැමති අයට විතරයි” යනුවෙන් මේ ගැන විමසූ අයට පිළිතුරු දෙමින් චන්ද්‍රිකා පවසා තිබෙනවා.