ගතවූ මාස 6 තුළ පොලිස් නිලධාරීන් 300 කගේ වැඩ තහනම් කර තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300 කගේ වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඔවුන්ට තමන් කරන, තමන්ට ලැබුණු රැකියාව පිළිබඳ ආදරයක්, බැඳීමක්, තමන් ලබන වැටුප මොන ආකාරයෙන්ද ලැබෙන්නේ යන්න හැඟීමක් නොමැති නොමැති බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

සමහර නිලධාරීන් අවුරුදු 25 ක් සේවයේ සිට තමන්ගේ තනතුර අහිමි කරගෙන, විශ්‍රාම වැටුප අහිමි කරගෙන සිරගත වන අවස්ථාද ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් නීතිවිරෝධි කටයුතු කරන සෑම අවස්ථාවකම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.