අත්අඩංගුවට පත්ව සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇප මත මුදා හැරීමට අද (31) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ඇය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඇය මුදාහැර තිබෙනවා.
ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඇය ඊයේ (30) පොලීසියට භාරවී තිබුණා.