මගීන්ට සිහි නැතිකර රන්භාණ්ඩ කොල්ලකෑ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

සිය ත්‍රීරෝද රථයට කූලී ගමන් යාම සඳහා ගොඩවන පුද්ගලයින්ට අතරමඟදී සිහි නැතිවන පානයක් උපක්‍රමකව බීමට ලබාදී රන් භාණ්ඩ සොරකම් කළ ත්‍රී රෝද රථ රියදුරෙකු පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් ලද පැමිණිලි අනුව සැකකරු එලෙස මගීන් දෙදෙනෙකු රවටා රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

පෙති සහ කුඩු විශේෂයක් මගින් පානයක් සකස්කර ත්‍රී රෝද රථයේ තබාගෙන නිසි අවස්ථාවක් බලා පානය මගීන්ට පානය කිරීමට දී ඔහු මෙම සොරකම් සිදුකර තිබුණා.

සැකකරු ලඟ තිබී සොරකම් කරන ලද රන් භාණ්ඩ සහ රන් භාණ්ඩ උකස්කර ලබාගත් උකස් පත්‍රිකාද පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.