අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වූ කරුණු මත මාසිකව පුද්ගලයින් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් නවක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ලෙස බන්ධනාගාර ගත වෙන බවට අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ ඩී.එම්.එස් ධම්මික බණ්ඩාර පවසනවා.
ඒ අනුව මාසිකව රටේ ආර්ථිකයට බලපාන ශ්‍රම දායකත්ව හතළිස් දහසක් පමණ අහිමිවන බවයි ඔහු සඳහන් කළේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ, මේවන විට සිටින නිල අපරාධ කරුවන්ගේ සංඛ්‍යා ලේඛන අනුව එම එක් අපරාධකරුවකුගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය සඳහා නිලධාරීන් හතළිස් හත් දෙනකුගේ දායකත්වය අවශ්‍යවන බවයි.
එමෙන්ම එලෙස බන්ධනාගාරගතවන පුද්ගලයින් නිසාවෙන් ඔවුන්ගේ පවුල්වල සිටින බිරිඳ හෝ කාන්තාව මුදල් අඟහිකකම මත නීති විරෝධී කටයුතු හෝ වෙනත් මුදල් ඉපයීමේ මාර්ගවලට යොමු වීමෙන් එම පවුල් ද තව තවත් රජයට බරක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.